දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් හඳුනාගෙන ඔවුන් ගොඩනැගීමට නව වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත කළ 400m ධාවන පථය ඊයේ (12) නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ "මෙරට ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය මැදිහත්වීම, වඩා සක්‍රීය ලෙස ඉදිරියටත් සිදු කරන බවයි.
මෙම නව ධාවන පථය රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට විශාල පිටිවහලක් වනු ඇතැයිද පැවසීය.


