හැටන් රැකියා පොළ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

හැටන් රැකියා පොළ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
  • SocialShare:

රැකියාවක් අපේක්ෂාවෙන් සිටි තරුණ තරුණියන් ඉලක්ක කර රැකියා පොළක්කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව හා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම රැකියා පොළ සදහා මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතන 40 කට වැඩි ප්‍රමාණයක් සහභාගි වූ අතර එහිදී තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා හිමි විය.

මෙම රැකියා පොළ වැඩසටහනේ ආරම්භක අවස්ථාව ට නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කලෛයි චෙල්වි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටිහ.