ලෝක ළමා දිනයට සමගාමීව ඇතුගල්පුර සරුංගල් තරඟාවලියක්

ලෝක ළමා දිනයට සමගාමීව ඇතුගල්පුර සරුංගල් තරඟාවලියක්
  • SocialShare:

ඔක්තෝම්බර් 01 දිනට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝම්බර් මස 06 වැනිදා  ඇතුගල්පුර ජනමාධ්‍ය සංසදය විසින් සරුංගල් තරඟාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

තරඟාවලිය වාරියපොල ඇඹව වැව පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඒ  සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පදිංචි වයස අවුරුදු 18 න් පහළ දරුවන්ට සහභාගී විය හැකිය.

තරඟය දරුවන් සඳහා වුවද වැඩිහිටි පිරිසටද එම ස්ථානයට සම්බන්ධව සරුංගල් යැවීමේ අවස්ථාව ඇත. තරඟය 06 වැනිදා පෙරවරු 8.00 ට ආරම්භ කිරීමට නියමිතය.

මෙම තරඟාවලියේ ත්‍යාග සඳහා වාරියපොල වෙළඳ සංගමය අනුග්‍රහය දක්වන අතර සියළුම ත්‍යාග මුදලින් පිරි නැමීමට කටයුතු යෙදා ඇත. පළමු ස්ථානය වෙනුවෙන් රුපියල් 30,000 ක්, දෙවෙනි ස්ථානය වෙනුවෙන් රුපියල් 20,000 සහ තෙවැනි ස්ථානය වෙනුවෙන් රුපියල් 10,000 ක් ද පිරිනැමීමට නියමිතය. විශේෂ නිර්මාණ සඳහා රුපියල් 5,000 බැගින් වූ ත්‍යාග දෙකක්ද පිරිනැමෙනු ඇත.

තරඟය සඳහා ලියාපදිංචි වීමට 0707323418 දරණ දුරකථන අංකයට තරඟකරුගේ නම, වයස, පදිංචි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය දන්වා වට්ස් ඇප් පණිවුඩයක් එවීම ප්‍රමාණවත් බව ඇතුගල්පුර ජනමාධ්‍ය සංසදය සඳහන් කරයි.