උල්හිටිය - රත්කිඳ ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කෙරේ

උල්හිටිය - රත්කිඳ ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කෙරේ
  • SocialShare:

අධික වර්ෂාපතනය හේතුවෙන් මාපාකඩ කාර්යභාර ඉංජිනේරුවරයාගේ  උපදෙස් පරිදි උල්හිටිය - රත්කිඳ ජලාශයේ අතිරික්ත ජලය ඉවත් කිරීම සඳහා පිටවානේ ගේට්ටු හතම 0.5 මීටර් බැගින් විවෘත කර ඇති බව බුදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් රත්කිද සිට ගිරාඳුරුකෝට්ටේ දක්වා ඇති මාර්ගයේ "රත්කිඳ කෝසුව" ඇතුළුව පහළ නිම්නය ජලයෙන් යටවන බැවින් එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසද ජලාශය භාර කාර්යභාර නිලධාරී මෙහිදි දන්වා ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.