සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව නිලධාරී මණ්ඩලයක්

සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව නිලධාරී මණ්ඩලයක්
  • SocialShare:

සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව නිලධාරීන් මණ්ඩලයක් පසුගියදා (10) පත් කෙරිණි.

එම නිලධාරී මණ්ඩලය රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ දිවුරුම් දී සිය ධූරයන්හි රාජකාරි ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව එහි සභාපති ලෙස පත් වූ එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු, ශ්‍රී ලංකා එයාර් ලයින්ස් කේටරින් සහ මිහින් ලංකා ප්‍රයිවට් සම්බන්ධ පැමිණිලි පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව (Secretary, Presidential, Commissions Of Inquiry into Complans Regarding Sri Lankan Air Lines, Catering And Mihin Lanka Pvt (Ltd) (SLACATMIIN), බරපතල වංචා, දූෂණ සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම, රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද පිළිබඳ විමර්ශනය කිරීම සහ විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව (Secretary, Presidential, Commissions Of Inquiry To Investigate and Inquire Into Serious Acts Of Fraud, Corruption and Abuse of Power, State Resources and privileges (PRECIFAS), අතුරුදහන් වූවන් සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂම (Secretary, Presidential, Commission to Investigate Into Complains Regarding Missing Persons (PCISMP) යන ජනාධිපති කොමිෂන් සභා තුනෙහි ලේකම් ලෙස ද, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ලෙස ද, රත්නපුර දිස්ත්‍රික් ලේකම් ලෙස ද, සබරගමු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ පළාත් අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස ද කටයුතු කර ඇත.

කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස වෛද්‍ය ඩී.ටී.අයි.ලියනගේ, නීතිඥ ස්වර්ණ කේ. මල්ලිකාරච්චි, ආර්.සී.රාජපක්ෂ, ඒ.ඒ.ජී.අබේවර්ධන යන මහත්වරුන් පත් කර ඇත.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් කේ.ජී.එස්.නිශාන්ත, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් දර්ශන සමරසේකර, සහකාර ආණ්ඩුකාර ලේකම් ඉසුරි රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.