මාතලේ තේරු කප් සිටුවීම පෙබරවාරී 18 දා 

මාතලේ තේරු කප් සිටුවීම පෙබරවාරී 18 දා 
  • SocialShare:

මාතලේ ශ්‍රී මුත්තුමාරියම්මන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය මාර්තු මස  12  දින පැවැත්වීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය පෙන්වා දෙයි. 

ඒ් අනුව වාර්ෂික තේරු උත්සවය වෙනුවෙන්  කප් සිටුවීම  පෙබරවාරි 18 සිදුකිරීමට නියමිත අතර  එදින(18) සිට  උදේ සවස  විශේෂ දේව පුජා පැවැත්වේ. 

තේරු වීදි  සංචාරය කිරීම  මාර්තු  12  සිදුකරන අතර  දිය කැපීම  මාර්තු 14 දිනත් මල් ඔන්චිල්ලාව මාර්තු 15 දිනත්  සිදුකෙරේ. 

මාතලේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ පැවැත්වෙන වාර්ෂිත තේරු උත්සවය සම්බන්ධයෙන්  මුලික සාකච්ඡාවක්  මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති,  බුද්ධ ශාසන, ආගමික  හා සංස්කෘතික කටයූතු රාජ්‍ය  අමාත්‍ය  ගමගෙදර දිසානායක්  මහතාගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (15) දින දිස්ත්‍රික් ලේකම්  කාර්යාලයේදී  පැවැති අතර එහිදී මෙම තොරතුරු අනාවරණය විය. 

මාතලේ දිස්ත්‍රික් ලේකම් මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර  මෙම අවස්ථාවට මාතලේ  ශ්‍රි මුත්තුමාරි අම්මාන්  දේවස්ථානයේ  පාලක මණ්ඩලයේ නිලධාරින් හා රාජ්‍ය  නිලධාරින් රැසක්ද සහභාගිවී  සිටිහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතලේ