උතුරු මැද සියලුම පාසල්වලට අද (20) නිවාඩු දිනයක්

උතුරු මැද සියලුම පාසල්වලට අද (20) නිවාඩු දිනයක්
  • SocialShare:

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ දැනුම් දීම පරිදි  අද (20) දින උතුරු මැද පළාතේ සියලුම පාසල් නොපැවැත්වෙන බව

උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් සමරකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ බව අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය සඳහන් කරයි.

ඒ අනුව 2024 වර්ෂයේ අවසාන වාර විභාගයේ 3, 4 සහ 5 ශ්‍රේණි වල විභාග අද (20) සහ හෙට (21) දිනවල පැවැත්වීමට නියමිතව තිබුණත් එම විභාග තාවකාලිකව කල් දමන බව සමරකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.