මඩකලපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව අත්හිටුවයි

මඩකලපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව අත්හිටුවයි
  • SocialShare:

මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා මඩකලපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය ඊයේ (19)  සවස 5.00න් පසුව ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා මාර්ගය සියලුම වාහන සඳහා සම්පූර්ණයෙන් ම ගමනා ගමන කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය සඳහන් කරයි.

එම නිසා වැලිකන්ද - දිඹුලාගල හා මඩකලපුව දක්වා ගමන් කරන මගීන්ට ගමන් පහසුව සලසා ගැනීම සඳහා දුම්රිය සේවාවක් ස්ථාපිත කර ඇති බව ද  පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා  කළමනාකරණ ඒකකය නිවේදනය කර තිබේ.

මාර්ගයේ තත්ත්වය අද උදෑසන පරීක්ෂා කිරීමෙන් පසුව ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව දැනුම් දෙන බව ද එම නිවේදනයේ  වැඩිදුරටත් සඳහන් වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.