කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද (09) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය හා තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ කොටුව දුම්රිය ස්ථානය සියලු නවීන පහසුකම්වලින් සමන්විත ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමයි අරමුණයි.
මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුවපහසු සේවාවක් සැපයීම මෙමගින් සිදු කිරීමට නියමිත අතර, දුම්රිය ස්ථානයේ පැරණි ගෘහ නිර්මාණ ලක්ෂණ ආරක්ෂා කරමින් නවීන තාක්ෂණික අංග එක් කිරීමට ද මෙහිදී අවධානය යොමු කර ඇත.


