“වසත් සිරිය 2026” අවුරුදු උලෙළ කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී

“වසත් සිරිය 2026”  අවුරුදු උලෙළ  කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී
  • SocialShare:

ජනාධිපති ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද “වසත් සිරිය 2026” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය ඊයේ (25) කොළඹ 02 පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගණය හිදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

උත්සවයේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හරිනි අමරසූරිය සහභාගි වූවාය. “වසත් සිරිය 2026” වැඩසටහන තුළ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සංස්කෘතිය නිරූපණය කරන ක්‍රීඩා හා සංස්කෘතිකාංග රැසක් සංවිධානය කර තිබූ අතර, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ඇතුළු වැඩිහිටියන් හා දරුවන් සඳහා තරග ඉසව් රැසක්ද පැවැත්විණි.

අතීත ගැමි දිවිය විදහා දක්වමින් ගැමි ගෙදරක්, කඩමණ්ඩියක් සහ වෙද ගෙදරක් ප්‍රතිනිර්මාණය කර තිබූ අතර, කැවිලි පෙවිළි, සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්, සිංහල අවුරුදු චාරිත්‍ර සහ ගැමි ක්‍රීඩා ඇතුළු ප්‍රදර්ශනාත්මක අංග රැසක්ද ප්‍රදර්ශනය කෙරිණි.

මෙම අවුරුදු උත්සවය නැරඹීමට විදෙස් සංචාරකයන් රැසක්ද එක්ව සිටි අතර, රිස්වි සාලි, අරුණ ජයසේකර, නන්දික සනත් කුමානායක, රෝෂන් ගමගේ ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.