සිංහල රංග කලාවට අගනා සේවයක් ඉටු කළ ප්‍රවීණ රංගධර කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවිය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (22)රාත්‍රී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
මේ වන විට දේහය කැලණිය, නුංගමුගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු පිළිබඳ තොරතුරු පසුව දැනුම් දෙනු ලැබේ.


