2025 අයවැය අදයි

2025 අයවැය අදයි
  • SocialShare:

2025 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(17) පෙ.ව 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

අයවැය විවාදය හෙට(18) ආරම්භවන අතර එම විවාදය මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

 

2025 ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව පෙබරවාරි 25 වැනිදා ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වේ.

අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙ.ව 9.30 - පෙ.ව 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5ක් සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා කාල සීමාව තුළ අයවැය විවාදය පැවැත්වේ. එසේම ඡන්ද විමසීම් පැවැත්වෙන පෙබරවාරි 25 සහ මාර්තු 21 දෙදින හැර අනෙකුත් සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා සඳහා වෙන් කර ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.