මහවැලි පුනරුද සතියට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන වාරි සම්පත් සුරැකීමේ වැඩසටහන පසුගියදා මහවැලි සී කලාපයෙන් ආරම්භවිය. "සවිමත් ගොවිදෑතින් සුරකිමු වාරි සම්පත්" යන්න මෙම වැඩසටහනෙහි තේමාවයි.
කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි, ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම මහවැලි පුනරුද සතිය ක්‍රියාත්මක වන අතර එහි පළමු වැඩසටහන පසුගියදා දෙහි අත්තකණ්ඩියේදී ආරම්භ කෙරිණි.
මෙම වැඩසටහන යටතේ ඇළවේලි සහ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම වැව්වල රොන්මඩ හා පාසි ඉවත් කිරීමද,රුක් රෝපණ වැඩසටහන් ද මහවැලි ජානපදිකයන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
දෙවන දිනයේ තේමාව වූයේ "නිරෝගිමත් තරුණ පරපුරක් සුව බර දිවියක් සහ තාරුණ්‍යයේ ජවය දැයේ ආර්ථිකයට යන්නයි ."නව්‍ය කෘෂි පිළිවෙත් ගොවිබිමට" හතරවන දිනයේ තේමාවවේ.
පස්වන දිනය "ගොවි බිමට හිමිකමක්" තේමාව සඳහා වෙන්කර ඇති අතර මේ යටතේ මහවැලි ඉඩම්වල නීත්‍යානුකූල හිමිකම් ඔප්පු ප්‍රධානය, ඉඩම් නිරවුල් කිරීම සහ මහවැලි කලාප තුළ බදු එක් රැස් කර ගැනීම පිළිබඳව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
"පශු සම්පත දේශයේ ආර්ථිකයට දායක කර ගැනීම" හයවන දිනයේ තේමාව වන අතර මහවැලි ජාන පදිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව තාක්ෂණය යටතේ ගව හා කුකුල් පාලනය පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
හත්වන දිනය "පිවිතුරු පරිසරයක් මිහිමවට ජවයක්" සහ කාර්යාල ක්‍රමවේදයට ඩිජිටල් වෙනසක්" යන තේමාව යටතේ වැඩසටහන් පෙළගස්වා ඇත.
"මහවැලි තාරුණ්‍යය කෙළි බිමට" අටවන දිනයේ තේමාව වන අතර මේ යටතේ විවිධ ක්‍රීඩා ඉසව් තරගාවලියක් පැවැත්වීමටද සංවිධානය කර ඇත.
මහවැලි සී කලාපය තුළ , ප්‍රධාන ආහාරය වන බතට අවශ්‍ය වී නිෂ්පාදනය කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර 22,800කි.
මෙම කලාපය තුළ ගොවි සංගම් 24 ක් ඇති අතර මෙම වැඩසටහන සඳහා සක්‍රීයව ගොවි මහතුන් 28,013 දෙනෙක් සහභාගී වේ.
එමෙන්ම ගොවි මහතුන්ගේ පූර්ණ ශ්‍රමදායකත්වයෙන් කෙරෙන මෙම වැඩසටහන මගින් රජයට ඉතිරි වන මුදල රුපියල් මිලියන 35ක් පමණ වේ.