පරිසර පවිත්‍රාවය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අදයි

පරිසර පවිත්‍රාවය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අදයි
  • SocialShare:

ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතියේ තෙවන දිනය අදට (ජූනි 1) යෙදී තිබේ.

අද දිනය නම් කර ඇත්තේ පරිසර පවිත්‍රතාවය පිළිබද දැනුවත් කිරීමේ දිනය ලෙසයි.

ඒ අනුව දිවයින පුරා පරිසර පවිත්‍රාතව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

දිවයින පුරා පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල මගින් රුක් රෝපණ වැඩසටහන්, වෙරළ ධීවර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක විය.

ඒ අනුව අද (01) දින උදෑසන 8.30 සිට ගල්කිස්ස වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් පැවැත්විණ.

එමෙන් ම උතුර,වයඔ සහ සබරගමු පළාත්වල විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන් පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු කරමින් පවතී. උතුරු, දකුණු,බස්නාහිර,වයඹ සහ නැගෙනහිර පළාත්වල පාසැල් සිසුන් හා පොලිස් නිලධාරීන් පරිසර පවිත්‍රතාවය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙන අතර ඇතුගල සහ බුදුපිළිම ඇතුළුව එයට ගමන් කිරීමට ඇති මාර්ගය දෙපස පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුකර විධිමත් ලෙස බැහැර කිරීම හා ඊට සමගාමීව අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.