ජගත් පරිසර දිනයට සමගාමීව නම් කර ඇති ජාතික පරිසර සතියට අදාළව අද (31) දින නම් කර ඇත්තේ වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසයි.
එම දිනයට අදාළ වැඩසටහන් රැසක් පරිසර අමාත්‍යංශය සහ අමාත්‍යංශයට අනුබද්ධ අනෙකුත් ආයතන විසින් සංවිධානය කර ඇත. ඒ අනුව මෙම දිනයට සමගාමීව පරිසර අමාත්‍යංශය, වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් යතුරු පැදි සහ ත්‍රීරෝද රථ නොමිලේ සුසර කර දීමේ කඳවුරක් සහ ඉන්ධන කාර්යක්ෂමතාවය හා වායු දුෂණය පිළිබඳව දැනුවත් වීමේ වැඩසටහනක් කෑගල්ල නිදහස් මාවත කේන්ද්‍ර කර ගනිමින් අද (31) උදෑසන 10 සිට පැවැත්වේ.
වායු තත්ව පරීක්ෂාවෙන් පසු අදාළ වාහනවල ස්ටිකරයක් ඇලවීමට ද සිදු වූ අතර රියදුරන්ටද එහිදී දැනුවත් කිරීමක් ද සිදු කෙරිණි. මෙම වැඩසටහන අමතරව ප්ලාස්ටික් අපද්‍රව්‍ය විවෘතව පිළිස්වීම තුළින් සිදුවන වායු දූෂණය මගින් සෞඛ්‍යයට සිදුවිය හැකි අනතුරුදායක තත්වය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමක් සිදු විය. එමෙන් ම වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් සහ රුක් රෝපණය කිරීමේ වැඩසටහන් - වැල්ලමංකරාය වෙරළ - පුත්තලම කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විය.
මෙවර පරිසර දිනය සැමරීමෙන් අවසන් නොකර වාර්ෂික වැඩපිළිවෙලක් ලෙස ඉදිරියට ගමන් කිරීම සඳහා පරිසර අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතන විසින් මෙම වැඩසටහන් සංවිධානය කර ඇත.
තිරසර ජෛව ලෝකයක් සදාහරිත ජීවිතයක් තැනීම උදෙසා නව රජය විසින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක වන අතර එහිදී ජනාධිපති කාර්යාලය සහ Clean Sri Lanka වැඩසටහන එක්ව දීර්ඝ කාලීනව පාරිසරික යහපාලනය සඳහා ඉදිරි කටයුතු කරනු ඇත.