සීනි සමාගම වැසීයාමේ අවදානමක් නැහැ - ඇමති සුනිල් හදුන්නෙත්ති

සීනි සමාගම වැසීයාමේ අවදානමක් නැහැ - ඇමති සුනිල් හදුන්නෙත්ති
  • SocialShare:

සෙවනගල සීනි කර්මාන්තය වැසීයාමේ අවදානමක් නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.


සීනි කර්මාන්තයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා අද(01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වෙළෙඳපළට නිකුත් කිරීම සඳහා පැල්වත්ත සීනි සමාගමේ තිබූ සීනි තොගයක් පෙන්වා ඇතැම් පිරිස්
මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවත්, එහෙත් මීට මාස 08කට පෙර මෙම සමාගම භාරගන්නා විට මෙට්ට්‍රික් ටොන් 33,000 සීනි ගොඩගසා තිබූ බවත් එම අවස්ථාවේ කිසිවෙකු මෙවැනි ප්‍රකාශ සිදුනොකළ බවද අමාත්‍යවරයා කීය.
වෙළෙඳපළට නිකුත්කිරිමට ඇති සීනි තොගයක් පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයින් ආයතනයට එරෙහිව කටයුතු කිරිමට උත්සාහදරමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
උක්ගොවීන් යැයි කියාගන්නා පිරිසක් ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මෙලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරන බවද කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මෙම ආයතනය නිකන්ම සීනි හදන ආයතනයක් නොවේ. උක් කර්මාන්තයේ නිරත අයට අපි සාධාරණ ගෙවීම් කරනවා. ලක්ෂ 02කට ආසන්න  ගොවි ජනතාවක් මේ නිසා ජිවත් වෙනවා. පවුල් 5000ක් පමණ මේ නිසා ජීවත් වෙනවා.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.