මහවැලි සී කලාපයේ ජාන පදිකයින්ට අයත් ව්‍යාපාරික ස්ථාන, ගොඩනැගිලි හා අනෙකුත් බදු ආදායම් ලැබීම්වල නිවැරදි විස්තර බදු නිලධාරීන්ට මෙන්ම මහවැලි ජාන පදිකයන්ට ඕනෑම වෙලාවක ජංගම දුරකතනයකින් බලා ගැනීමට හැකිවන පරිදි ජංගම යෙදවුමක් හඳුන්වා දී ඇත.
මහවැලි සී කලාපයේ පුනරුද සතියට සමගාමීව මෙම ජංගම යෙදවුම මහවැලි සී කලාපය තුළ ජනගත කිරීම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ.හේරත් මහතාගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබීය.
මෙම ජංගම යෙදවුමේ සාර්ථකත්වය මත සහ මෙය තවත් වැඩිදියුණු කර අනෙකුත් මහවැලි කලාපවලටද හඳුන්වාදීමට පියවර ගන්නා ලෙසත් මෙම යෙදවුම නිර්මාණය කළ මහවැලි සී කලාපයේ නිලධාරීන්ට අධ්‍යක්ෂ ජෙනරාල් විසින් උපදෙස් ලබා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ.හේරත් මහතා -
ඩිජිටල්කරණයට ප්‍රවේශ වීම නව රජයේ දැක්ම වන අතර ඒ අනුව මහවැලි කලාප තුළද එය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව මෙම යෙදවූම නිර්මාණය කළ නිලධාරීන්ට සිය ස්තුතිය පිරිනමනවා.
මෙම විෂයට උනන්දුවක් දක්වන මහවැලි නිලධාරීන්ට එය ප්‍රගුණ කර ගැනීමට අවශ්‍ය මූල්‍යමය ප්‍රදානයන්ද මහවැලි අධිකාරිය මගින් ලබාදීමට පියවර ගන්නවා.