කම්කරු අයිතිවාසිකම් බිඳ වට්ටන්නේ නැහැ

කම්කරු අයිතිවාසිකම් බිඳ වට්ටන්නේ නැහැ
  • SocialShare:

කිසුදු විටෙක කම්කරු අයිතිවාසිකම් බිඳ වට්ටන්නේ හෝ ඊට හානි කරන්නේ  නැතැයි කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත  මහතා අද(25) පාර්ලිමේන්තුවේදී පැවසීය.  පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කම්කරු අමාත්‍යවරයා මේ බව පැවසීය. 

ඉදිරියේ වඩාත් හොඳ කම්කරු අණපනත් ගෙනැවිත් කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට බලාපෙරොත්තුව වන බවද ඒ මහතා පැවසීය.  නීති රීති පරයමින් කම්කරුවන් සඳහා වෙනම තීන්දු තීරණ ගෙන නැතැයිද හෙතෙම පැවසීය.