ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ප්‍රදේශ කිහිපයකට  අදත් වැසි
  • SocialShare:

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු සිට රළු දක්වා විය හැක.