මඩකළපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශයේ "සූර්යශක්ති සූර්යබලාගාරය" විවෘත කිරීමේ අවස්ථාවට විදුලිබල ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (27) එක්විය.
ජාතික පද්ධතියට මෙගාවොට් 10ක ධාරිතාවක් එක් කරන මෙම බලාගාරය අක්කර 27ක භූමි භාගයක ඉදි කර ඇත. මෙම බලාගාරය precast pile structures හෙවත් පෙරසවි කුළුණු මත ඉදිකිරීම් ක්‍රමවේදය භාවිත කළ මෙරට පළමු ව්‍යාපෘතිය වේ.
මෙම අවස්ථාවට එක් වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය -
වසරේ හැම දිනකම ඉතා හොද හිරු එළියක් ලැබෙන අපේ රටේ ආශිර්වාදාත්මක පිහිටීම ඉහළින්ම ප්‍රයෝජනයට ගෙන රටේ විදුලිබල අරමුණු ජයගැනීමට රජයක් ලෙස ක්‍රියා කරනවා. විශේෂයෙන්ම දේශීය ආයෝජකයින් මේ ක්ෂේත්‍රයේ අයෝජනය කිරීම දිරිගැන්වීමට අපේ රජය ක්‍රියාකරනවා.


