කෘෂිකර්මාන්තයේදි ගොවිජනතාවට මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඊට ලබා දිය යුතු විසඳුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ(24) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත් වුණි.
කෘෂිකර්මාන්තයේදී ගොවීන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් සකස්කළ යෝජනාවලියක් මෙහිදී අමාත්‍යවරයාට පිළිගන්වන ලදී
වනජීවී කලමනාකරණය යනුවෙන් විෂයක් ලංකවේ නැති බවත් එම විෂය ඇති කිරීමට උත්සාහ කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.ගොවිජනතාව දුප්පත්කමින් මුදවා මධ්‍යම පාන්තික ජනතාවට බවට පත් කිරීමට කටයුතු කරන බවද කීය.


