ලෝක ජල දිනය අදයි

ලෝක ජල දිනය අදයි
  • SocialShare:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනූව ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වැනිදා සමරනු ලබයි.

මෙවර ජල දිනයේ තේමාව වන්නේ ග්ලැසියර සංරක්ෂණය යන්නයි.

ලොව පුරා බිලියන තුනකට අධික ජනතාවක් ජල අවශ්‍යතා සපුරා ගන්නේ, ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ගවලිනි . එමෙන්ම මේ වන විට ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්මවූ පිරිසකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බවට ද අනාවරණ වී ඇත.

ලෝකය, 2030 වන විට ඉල්ලුම සහ පවතින ජල සංචිත අතර පරතරයකට මුහුණදෙන බව ලෝක බැංකුවේ පුරෝකතනවලට අනූව හදුනාගෙන ඇත.

මෙරට ජනගහනයෙන් ද, පිරිසිදු පානීය ජල සැපයුමක් හිමිවන්නේ, 62 % කට  ආසන්න පිරිසකට වන අතර අවිධිමත් සංවර්ධනය හා වන හායනය හේතුවෙන් ජල පෝෂිත ප්‍රදේශ තර්ජනයකට ලක්වීම, ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රබල අභියෝගයකි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.