පාසල් සිසුන් වෙත පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සිදු කර අවසන්

පාසල් සිසුන් වෙත පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සිදු කර අවසන්
  • SocialShare:

රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096ක සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම වසරේ (2025) පාසල් නිල ඇඳුම් රෙදි බෙදා දීම සිදු කෙරිණි. නිල ඇඳුම් රෙදි ලබාදුන් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 4,640,086ක් වූ අතර ඒ සඳහා අවශ්‍යතාවය වූ මුළු රෙදි ප්‍රමාණය වූ රෙදි මීටර් මිලියන 12ක් පමණ චීන රජයේ ප්‍රදානයක් වශයෙන් ලැබුණි. මේ වනවිට සියලු ම පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සිදු කර පාසල් සිසුන් වෙත ලබා දී අවසන්කර තිබේ.


රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට හා රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුනට නොමිලේ පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීම 1992 වසරේ සිට අඛණ්ඩ ව සිදු කෙරේ. 2015 වසරේ සිට 2020 වර්ෂය දක්වා නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා වවුචර් පත් ලබාදීම සිදු වූ අතර එතැන් සිට නිල ඇඳුම් රෙදි වශයෙන් ලබා දීමට කටයුතු කර ඇත.

2023 වර්ෂයේ නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 70%ක ප්‍රමාණයක් ප්‍රදානයක් වශයෙන් මහජන චීන සමූහාණ්ඩුවෙන් ලබා දී ඇති අතර 2024 වර්ෂය සඳහා ද නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 80%ක ප්‍රමාණයක් එම රජයේ ප්‍රදානයක් වශයෙන් ලැබිණි. මේ වසරේ එනම් 2025 වර්ෂය සඳහා අවශ්‍යතාවයෙන් 100%ක් එනම් රු මිලියන 5,171කට ආසන්න මූල්‍ය වටිනාකමකින් යුතු පාසල් නිල ඇඳුම් රෙදි මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානය කෙරිණි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.