අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිමානවත් 75 වන ජාතික නිදහස් සැමරුම අදයි- “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්”

    පෙබරවාරි 04, 2023

    අප රටට නිදහස ලැබී අදට වසර 75ක් සපිරෙනවා. “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 එනම් අද ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

    නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ පැවත්වෙන මෙම අභිමානවත් උළෙලේදී 2048 වසරේ 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.

    ජාතික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙ.ව 8.30ට ගාලුමුවදොර පිටියේ දී ආරම්භ කෙරේ.

    නිදහස් චතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ පිළිරුවට මල්දම් පළඳවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ජාතික විරුවන්ගේ ප්‍රතිමා සඳහා පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව උත්සව කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

    මෙවර 75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව සංස්කෘතිකාංග සහ ආගමික වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සංවිධාන කර ඇත.

    රටේ ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ සමඟ 75 වන ජාතික නිදහස් උළෙල අභිමානවත් අයුරින් සැමරීමට රජය තීරණය කර තිබේ.

    මෙවර නිදහස් උත්සවය සඳහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබාදී තිබුණි.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම 1948 පෙබරවාරි 04 වනදා ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු සභා වාරය කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ තාවකාලිකව ඉදිකළ ශාලාවකදී පැවැත්වුණු අතර එහිදී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ මේ ඵෙතිහාසික දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ද නම් කරන ලදී.

    අභිමානවත් ලෙස සැමරෙන 75 වන නිදහස් දිනයේදී සියලු ජාතීන් අතර සාමය සමගිය සංහිඳියාව රජවී ලක් මව හමුවේ පවත්නා සියලු අභියෝගයන් දුරුවනු දැකීම රටවැසි සැමගේ පැතුමයි.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya