අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දයේ ගිණියම් දින කිහිපය..??

    ජනවාරි 23, 2023

     

    ( ජනපති e කොළම)
    අශෝක ජයතුංග විසිනි.

    රටේ ආර්ථික සෞඛ්‍ය හිතකර මට්ටමට ගෙන ඒමේ අරමුණෙන් ජනපති වැඩ කළ ද විපක්ෂය හා ඇතැම් ජනමාධ්‍යවල ප්‍රමුඛ ඉලක්කය වනුයේ මැතිවරණය.

    " මම එයාල ට බලපෑමක් කළේ නෑ, නීතිය ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්න කියල මම කිව්වා. ඒකෙ වැරැද්ද මොකද්ද" ජනපති කීවේ මැති ඇමතිවරු හා නිලධාරීන් පිරිසකට ය.
    " කොම්සමේ පොදු තීන්දු මිසක් සභාපතිගෙ තීන්දු වැදගත් වෙන්නෙ නෑ" ඇමතිවරයෙක් කීය.

    "දෙපාරක් රට ආපස්සට දාපු කෝටි දහස් ගණන් හා ජීවිත ලක්ෂයක් වනසපු ජවිපෙ තමයි දැන් රටේ ගැලවුම්කාරයට ඇදල ඉන්නේ. ඡන්ද ඉල්ලල කෑගැහුවට එයාලත් ඇතුලෙන් ඡන්දෙ නාවොත් හොඳයි කියලලු හිතන්නේ" ඒ තවත් මතයකි.

    කැබිනට් මණ්ඩලය ඇප මුදල් ගැනීම නවතන ලෙස ගත් තීන්දු හා රාජ්‍ය පරිපාලන ලේකම් තේරීම්බාර නිලධාරීන්ට යැවූ ලිපියත් එය වහාම ඉවත් කරගැනීමත් මහත් ආන්දෝලනයක් විය.

    "ඔහු කැඳවා ප්‍රශ්න කරන බව මැතිවරණ කොමිසම කියනවා.

    පසුව ආරංච් වුයේ කොමිසම හමුවය ගිය රාජ්‍ය පරිපාලන ලේකම් කැබිනට් එක ගත් තීන්දුවක් නිලධාරීන්ගේ දැන ගැනීම පිණිස ලබාදුන් බවත් තාක්ෂණ දෝෂ තිබූ නිසා ඉල්ලා අස්කරගත් බවත් ඉන් කොමිසමේ කටයුතු වලට බාධාවක් වූ බව නොසිතන බව හා එම සිද්ධිය ගැන කනගාටුව පළකරන බවත් එහිදී කියා ඇති බවය.

    මැතිවරණ කොමිසම භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හමුවුයේ පූර්ව එකඟතාවකින් මුලදීම ඔවුන් හා එකඟතාවකට ඒමේ සමිප්‍රධාය කඩවිනි.

    "රටේ ආර්ථිකය බංකොලොත් ආදායම් නෑ. පඩි විශ්‍රාම සමෘද්ධි ගෙවන්නෙත් අමාරුවෙන්. මැතිවරණයකට කඩින්කඩ තමයි මුදල් දෙන්න වෙන්නේ" එහිදී පැහැදිලි කර තිබිණ.
    "බිලියන 10 ක් ඉල්ලුවට ඉන් බාගෙට ටිකක් වැඩියෙනුයි වැය වෙන්නේ.අයවැයෙන් මුදල් වෙන්වුණා. ඒවා නිසි විදියට නිකුත් කරන්න. බිලි 7900 ක අයවැයකින් බිලි 6 – 7 ක් වෙන් කරන එක ගැටලුවක් වෙන්න විදියක් නෑ" කොමිසම පෙරළා පහරදී තිබේ.


    කොමිසමේ සභාපති මාධ්‍යය පසුව කීවේ මුදල් ගැටලුව විසඳාගත් බවය. හිටපු මැකෝ දේශප්‍රිය කීවේ කඩින්කඩ මිස එකවර මුදල් දීම මීට පෙර ද කිසිදා ලබා නොදුන් බවය.
    විශ්‍රාම හා සමෘද්ධි ගෙවීම් ඇතැම් තැන්වල අඩපණවී ජනතාව අවුලට ගිය ද විපක්ෂය කීවේ සල්ලි නැතිබව අඟවන්නට ගැසූ එම ගේම ආණ්ඩුවට පාරාවළල්ලක් වූ බවය.

    " ප්‍රජාතන්ත්‍රවාදය ඡන්ද අයිතිය රකිනවා. මේ වෙලාවෙ රටට ඡන්ද බරක්. ඒත් හැමදේම උපරිමව කරනවා. ඉදිරි මාස වල පවුල් ලක්ෂ 20 කට හාල් කිලෝ10 ගානේ දෙනවා. වී වලටත් සාධාරණය කරනවා. පෝර දෙනවා. පෝළිම් බඩු හිගය අපි නැතිකලා බඩුමිල අඩුකලා." ජනපති විස්තර කළේ ය.


    . "නිදහස් උත්සවය ලොකුවට කරනවද. වෙලාවෙ හැටියට ලොකු මුදලක් වියදම් කරන්න හොඳ නෑ" එහිදී කියවින. " රු මිලි 578 ක ඇස්තමේන්තුව 200 ට සීමාකලා. ඒකටත් අනුග්‍රාහකයො සොයාගන්නවා " ජනපති කීය.


    " අමාරුකම් මැද වුණත් ඉදිරි වසර 25 වැඩසටහන ක්‍රියාත්මක කරනවා.අරගලේ තරුණ අදහස් වලට මුල්තැන දෙනවා. "ජාතික යොවුන් වේදිකාවෙන්" ක්ෂ්‍රේත්‍ර 15 ක් විවෘත කරල සිස්ටම් චේන්ජ් කරනවා" ජනපති කීය.


    ඇමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිල යේ ද: ආසියානු නියෝජිතවරිය ජනපති හමුවී රටේ ආර්ථිකය යන ගමන්මඟ ගැන සතුට පලකලා පමණක් නොව මත්දව්‍ය මර්දය හා වෙරළ ආරක්ෂණයට සහාය පළ කළාය.

    වානිජ මණ්ඩල ව්‍යවසායිකාවන්ගේ හමුවට ජනපති ගියේ බිරිඳ මෛත්‍රී සමගිනි. "මේ ලස්සන ව්‍යවසායිකාවන්ට උදව් කරන්න මහබැංකු නිළධාරීන් ඉන්නේ ඉතා කැමැත්තෙන් " ජනපති කීවේ සිනා මැදය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya