( ජනපති e කොලම)
ගෝටා "ගම සමඟ පිළිසඳර" කර බොහෝ තැන්වලදී වැඩේ අනාගත්තේය. ජනපති රනිල් දැන් ගම වෙනුවට දිස්ත්‍රික්ක වල ගොස් "නිලධාරීන් සමඟ වලියක්" සටන අරඹා තිබේ. එය තවත් නෑමක්ද නැද්දැයි කියන්නට තවම කල් මදිය. .
ජනපති වැඩේ පටන් ගත්තේ බදුල්ලෙනි. ජලපෝෂක ප්‍රදේශ 383 ක් ගැසටි නොකලේ ඉන් 15 ක ප්‍රශ්න තිබූ නිසා බව එළිවීමත් සමග ජනපතිට යකා නැග්ගේය.
"ප්‍රශ්න තියෙන ඒවා පැත්තක තියලා අනිත් ටික ගැසට් කරන්න නොහිතුවේ ඇයි" ජනපති ඇසූවිට නිලධාරීන්ට කට උත්තර නැතිවිය.
ඇල්ල සංචාරක කටයුතු සොයා බැලීමට ගොස් පරිසරය නසමින් හෝටල් හා කෞතුකාගාර තැනීමට ගෙන තිබූ තීන්දු නැවතීමට ඔහු ක්‍රියා කළේය.
" සංචාරකයො එන්නෙ මේ පරිසරය නිසයි. ඔයාල ඒක වනසලා කොන්ක්‍රීට් වනයක් හදන්න එපා" ජනපති තදින්ම කීවේය.
ප්‍රදේශයට පැමිණ සිටි සංචාරකයන් සමඟ ද ජනපති කතා කලේය.
" මේ පරිසරය හරි ලස්සනයි" ඔවුහු කීවෝය.
" ඔයාල හැමදාම මේව බලන්න එන්න. අපි ඔයාලගෙ රටවල් බලන්න එන්නම්" ජනපති කීවේ සිනාමැදය.යළි කොළඹ පැමිණීමේ දී හෙලිකොප්ටර් ප්‍රශ්නයකට ද ජනපති මුහුණ පෑවේය. අයහපත් කාලගුණය හේතුවෙනි.ගමනෙන් අඩක් වාහන හා හෙලිකොප්ටර් වලින් යාමට සිදුවූයේ එහෙයිනි.
මේ සතියේ නුවරඑළි ගිය ජනපති එහිදීද නිලධාරීන්ට සැර මතක බණක් කීවේය.
" මේ බොහෝ ප්‍රශ්න විසඳන්න ජනපති නෙවෙයි ගමේ මන්ත්‍රී ඔිනත් නැහැ.නිලධාරීන් මේ තීන්දු නොගන්නෙ ඇයි. ආණ්ඩුවේ ආයතන අතරවත් එකමුතුවක් නෑ. රුසියාවයි යුක්රේනයයි වගෙයි හැසිරෙන්නේ" රනිල් යකා නැග කීවේ පරම සත්‍යයකි. ලෝකාන්තය නැරඹීමට කේබල් කාර් දැමීමට තීන්දුවූ අතර නවීන් දිසානායක යහපාලන කාලයේ ඊට මුල පුරා තිබිණ.
නුවරඑළි යාමට පෙර ජනපති හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් කරුණාරත්න අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විණ. ඒ අර්බුදයට පාත්‍රව ඇති ජාතික රූපවාහිනිය ගැනය. දීර්ඝ සාකච්ඡාවකින් පසුව මුදල් සොයා එය ගොඩ දැමිය හැකි තරුණ අධ්‍යක්ෂ ජෙනරල්වරයෙකු පත්කිරීමට ජනපති තීන්දු කළේ දිනිත් කල යෝජනාවක් තුළය. සමාජ මාධ්‍ය හා අලෙවිකරන ප්‍රවීණයෙකු වන අසංග ජයලත් ගේ නම ස්ථිර වූයේ ඒ තුළය. ඊට පෙර ආයෝජන මණ්ඩල නව ප්‍රථානියා ලෙස දිනේෂ් වීරක්කොඩි පත්කළේය. ඒ පෝට් සිටි සභාපතිකමට අමතරවය. පෝට්සිටි යේ මහාධිකරණයක් පිහිටවා එහි ප්‍රශ්න නිරාකරණයට ජනපති තීන්දු කලේ මහාධිකරණ නීතීඥ්‍රයන් ගේ පාටියේදීය.
අරගලය තිබූ ගෝල්පේfස් බිම උත්සව සමයේ උත්සව භූමියක් කිරීමට ජනපති ගත් තීන්දුවක් මත නත්තල් කැරොල් සංදර්ශනයකින් වැඩේ ඇරඹිණ. ජනපති හා හරීන් මනුෂ හා සාගල එය නැරඹුවේ ලේකම් කාර්යාල පඩි මත වාඩිවීය. ඩී ඇස් පිළිරුව ලඟින්ම වාඩිවෙමු ජනපති යෝජනා කළේය. එම උත්සව විවිධ අංගෝපාංග හරහා නව වසර දක්වා යනු ඇත.
මත්දව්‍ය හා අපරාධ මැඩීමට විශේෂ වැඩපිළිවෙලක් සැකසී ගැන ජනපති උපදෙස් දුන්නේ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ පැවැති විශේෂ හමුවකදීය. රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමතිගේ බිරිඳගේ නිවස ද හොරුකඩා තිබිණ.
තවද උතුරේ ප්‍රශ්නය විසඳීමට ජනපති ගේ මැදිහත්වීම ගැන මෙරට හා ජාත්‍යන්තරයෙන් ද එන්නේ ඉතා සුබවාදී ප්‍රතිචාරය.
" යුද්දය ඉවර කලාට ජාතික ප්‍රශ්නය විසඳුවේ නැති නිසයි රට අමාරුවෙ වැටුණෙ. මේ පාරවත් ඒක ඉවර කරමු" ජනපති කීවේ ලේකම් කාර්යාලයට පැමිණ සිටි පිරිසටය.
" හාමුදුරුවරු බට්ටො ගැන ඔබතුමා කී දේ පාලි සරසවියේ සිද්ධි වලින් සනාථ වෙලා" රංගෙබණ්ඩාර කීය.
අයිස් මත්දව්‍ය ජාවාරමටත් පෙරටුගාමීන්ගේ නම ගෑවෙන බව ද එහිදී කියවිණ.
"බදු ප්‍රශ්නය අල්ලගෙන GMOA එක අඩව්වක් අල්ලන්න වගෙයි යන්නේ.එදා අදාළ නැති සිංගප්පූරු ගිවිසුමක් එයාල බදාගත්තා" වජිර කීය.
"පෝර ප්‍රශ්නය ඇති කළේ දොස්තර සංගමයේ අයයි.ගොවියො අනාථ වෙලා රට සාගතයකට යනකාලේ දොස්තරලා ඒ ගැන වචනයක් කතාකලේ නෑ. චැනල් වලින් මිලියන ගණන් හම්බ කලා" තව දුරටත් කියවිණ.
" 30% නෙවෙයි 130% ක් බදුගෙවන්න පුළුවන් දොස්තරල ඉන්නවා.එයාල ඉගෙන ගත්තෙත් දුගී ජනතා බදු මුදලින් බව දැන් අමතකයි" එහිදී කියවින.
" ප්‍රයිවෙට් රෝහල් වලින් එයාල හම්බ කරන සල්ලි වලට බදු ගෙවන්නෙ නෑ. මීට පස්සෙ කෙලින්ම එයාලට මුදල් නොදී බැංකු හා ක්‍රෙඩිටි කාඩ් හරහා මුදල් යන ක්‍රමයක් හැදුවොත් ජනතාවට වැඩ කරන්න සෑහෙන බදු මුදලක් ආණ්ඩුවට ලබා ගන්න පුළුවන්" ජනපති ගේ ආර්ථික උපදේශකයෙක් කල යෝජනාව සලකා බැලීමට ජනපති තීන්දු කළේය.
"රාජ්‍ය සේවය ලක්ෂ 06 ට අඩු කරන්න 2001 දි අපි ගත් තීන්දුව 2004 ආපු ආණ්ඩුව විසිකරල දෙගුණයක් බදව ගත්තා. දැන් මහා බරක් කියල කෑගහන්නෙත් එයාලමයි" ජනපති කීවේ නළල රැළි ගන්වමිනි.
" ගල් අඟුරු නැති නිසා පැය 10 ක් ලයිට් කැපෙනවා කියල ඉන්ජිනේරුවො කියනවා. ඒක බොරුයි ඇමති කියනවා. අපි දැන් පිළිගන්න ඹින කාගෙ කතාව ද" නවීන් ඇසුවේ සිනා මැදය.
"ගල් අඟුරු මාපිfයාවක් තියෙනවා. ඒක මුලින් නැති කරන්න ඹින. මෙදා අඟුරු ගෙන්නන වැඩේ ටිකක් ප්‍රමාද වුණත් ඒ ගිවිසුම් අත්සන් කලා. නැව් ඉක්මනින් එනවා. විදුලිය ඔය කියන විදියට කැපෙන්නෙ නෑ" ජනපති විග්‍රහ කළේය.
" විදුලි මණ්ඩලේ බොහෝ දෙනෙකුට දේශපාලන න්‍යාය පත්‍ර තියෙනවා. මේ පාර වැඩ අවුල් කරවල බෝනස් බලෙන් ගන්න උපායකුත් යනවලු. ගල් අඟුරු වලින් විදුලිය හදන්න රු බිලි 38 ක් මාසෙකට යනවා. ඒත් ජනතාවගෙන් අයකරගන්නෙ බිලි 32 යි. විදුලි බිල ආපහු වැඩි වෙන්න ඒකත් බලපානවා" එහිදී කියවින.
අශෝක ජයතුංග විසිනි.