අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    72 වන නිදහස් සමරු උළෙල නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී අභිමානවත්ව සමරයි

    පෙබරවාරි 05, 2020

    72 වන නිදහස් සමරු උළෙල නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් ව උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පෙරවරු 7.30 ට ආරාධිත අමුත්තන් සියල්ල තම අසුන් ගැනීම සිදු විය.


    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් බි.කේ.එස්.රවින්ද්‍ර, අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු) කේ.පී.ධර්මතිලක, සහ කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු මහත්වරුන් විසින් රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා සහ එම මහත්මියගේ සම්ප්‍රාප්තිය පිළිගන්නා ලදී.

    ඉන් අනතුරුව, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සරසිංහ මහතාගේ පැමිණීමත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එස්.එන්.ඩබ්ලිව්.සී.එම්.සීතා කුමාරි අරඹේපොළ මහත්මියගේ සහ වෛද්‍ය සාලිය ජයතිලක මහතා ගේ පැමිණීමත් සිදු විය.

    බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එස්.එන්.ඩබ්ලිව්.සී.එම්.සීතා කුමාරි අරඹේපොළ මහත්මිය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සරසිංහ මහතා, රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් බි.කේ.එස්.රවින්ද්‍ර මහතා, අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු) කේ.පී.ධර්මතිලක යන මහත්ම මහත්මීන් විසින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ එම මහත්මිය පිළිගනු ලැබීය.

    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසුරිය සහ එම මහත්මිය පිළිගනු ලැබිය. ගරු කථානායක කරු ජයසුරීය මහතා පිළිගනු ලද්දේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි යන මහත්වරුන් විසිනි.

    ඉන් අනතුරුව නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට මල්දම් පැලඳවීම දේශබන්දු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව 08.08 ට සිදු කිරීමට කෙරිණි. මේ සඳහා අනුශාසක හිටපු රුක්මන් සේනානායක, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, හිටපු විදේශ කටයුතු අමාත්‍ය වසන්ත සේනානායක, හිටපු ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර, ඩි.එස්.සේනානායක අනුස්මරණ කමිටුවේ ප්‍රධාන ලේකම් ආචාර්ය අයි.දිසානායක, ඩි.එස්.සේනානායක

    අනුස්මරණ කමිටුවේ භාණ්ඩාගාරික රංජිත් කොඩිකාර, ඩි.එස්.සේනානායක අනුස්මරණ කමිටුවේ උප සභාපති හිටපු අමාත්‍ය ලාල් ධර්මප්‍රිය ගමගේ, ඩි.එස්.සේනානායක අනුස්මරණ කමිටුවේ උප සභාපති අමාත්‍ය එම්.ඩි.ප්‍රේමරත්න, ඩි.එස්.සේනානායක අනුස්මරණ කමිටුවේ උපසභාපති හිටපු අමාත්‍ය පි.දයාරත්න, කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඇතුළු මහත්වරු මේ සඳහා සහභාගී වූහ. අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම මහත්මියගේ පැමිණීම සිදු විය. අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලද්දේ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එස්.එන්.ඩබ්ලිව්.සී.එම්.සීතා කුමාරි
    අරඹේපොළ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මින් විසිනි.

    ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිගේ සම්ප්‍රාප්තිය සිදු වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් විසින් අතිගරු ජනාධිපති තුමා සහ එම මහත්මිය පිළිගනු ලැබීය.

    ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සැලකිරිම සඳහා හොරණෑ වාදනය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තුර්යවාදක කණ්ඩායම විසින් සිදු කිරීමෙන් අනතුරුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන කොඩි කනුව අසලට කැඳවාගෙන යාම සිදු කෙරිණි.

    මඟුල් බෙර වාදන සහ සක් හඬ මධ්‍යයේ ගරු ජනාධිපතිතුමා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව පාසැල් සිසුවියන් 100කින් සුසැඳි විසින් ජාතික ගීය ගායනා කිරීම සිදු විය.
    පාසල් සිසුවියන් විසින් “ජයමංගල ගාථා” සහ දෙවොවස්සතු කාලෙන ගායනා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ස්ව්වධිනත්වයෙත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයින් අනුස්මරණය කිරීම පිණිස විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා සම්මාන මුරය ජනාධිපති සම්මාන උත්තමාචාරය සහ ආචාර වෙඩිමුර 21 ක් පැවැත්වීම සිදුකෙරිණි. ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතන ලදී. සැබෑ නිදහස ජනතාවට ලබා දීමට තමන් කැපවී ක්‍රියාකරන බවත්, දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව තුළ බෞද්ධ පමණක් නොව මෙරට ජිවත් වන සියලුම ජාතීන්ගේ ආගමික සුරක්ෂිතතාවය තහවුරු කරන බව ද, සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලබා දීමටත් ඇති නැති පරතර තුරන් කිරීම සඳහා මෙරට ජයගෙ දිළිඳුකම තුරන් කිරීම සඳහාත් කැප වී ක්‍රියාකරන බව එම ජාතිය අමතා කළ කතාවේ සඳහන් විය.

    ජාතිය ඇමතීමමෙන් පසුව ආචාර පෙළපාලිය පිළිගැනිම සඳහා ජනාධිපතිතුමා විශේෂ පිටිකාව වෙත ගමන් කිරීමෙන් පසු ත්‍රිවිධ හමුදාව යුධ,ගුවන් සහ නාවික මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය මෙන්ම ශිෂ්‍යභට බළකාය විසින් ආචාර පෙළපාලිය සහ අලංකාරවත් සංස්කෘතික සංදර්ශනය සිදු කරන ලදී.
    වත්මන් මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් යුතුව සිදු කෙරෙන 72 වන නිදහස් සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා අණදෙන නිළධාරියා වශයෙන් මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා කටයුතු කරනු ලැබිය.
    උත්සව සභාවේ වැඩකටයුතු සියල්ල නිමා කරනු වස් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය මහතා සහ එම මැතිණිය නික්ම යාමෙන් අනතුරුව ජාතික නිදහස් දින සමරු උළෙල අභිමානවත් සහ අලංකාරවත්
    අන්දමින් මෙසේ අවසන් විය.
    ජනාධිපති තුමාගේ ජාතිය අමතා කළ කතාවේ සඳහා පරිදි දිනූ දේශය ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාම සඳහා කටයුතු කරනා මොහොතේ ඒ වෙනුවෙන් ජාතියක් ලෙස එකට එක් විය යුතු ව තිබේ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya