මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක පවුල් සැලසුම් දිනය අදයි

    සැප්තැම්බර් 27, 2019

    ලෝක පවුල් සැලසුම් දිනය  (26) ට යෙදී තිබෙන අතර මෙවර තේමාව වන්නේ සිඟිති සිනහවයි- සොඳුරු කැදැල්ලයි යන්නයි ඒ වෙනුවෙන් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය  මගින් දෙස් විදෙස් සම්පත් දායකයින්ගේ හා විශේෂඥ වෛදයවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්විණ.

    වළක්වා ගත හැකි මාතෘ මරණවලින් 1/3 පමණ නිසි පවුල් සැලසුම් භාවිතයක් නොමැතිවීම නිසා සිදුවන අතර ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය බෙහෙවින් පහළ මට්ටමක පවතින අතර  එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම හා අවම කරගැනීම සඳහා  නිසි පවුල් සැලසුම් ක්‍රමවලට යොමු වීමේ වැදගත්කම හා ඒ තුළින් මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරගැනීම අවධාරණය කරන ලදි.

     ලොව දිනකට දරු උපත් 1000ක් පමණ සිදුවන විට නීති විරෝධී ගබ්සා 650ක් පමණ සිදුවේ.මෙම අනාරක්ෂිත ගබිසා තුළින් කාන්තාවන් 4700ක් පමන වසරකට මිය යයි.

    නිරෝගි දරුවෙකු බිහිකිරීම සඳහා ත් මනා මාතෘ සෞඛ්‍ය සඳහාත් ගැබ් ගැනීමට හොදම වයස අවුරුදු විස්සක් 20 ත් 35 ත් අතර වීමත්, දරුවන්ගේ පරතරය අවුරුදු දෙකක් තුනක් අතර වීමත් වඩා වැදගත් වේ.  දරු ප්‍රසූතියෙන් පසු පවුල් සැලසුම් ක්‍රමයක් ලබාදීම පසු ප්‍රසූත සැලසුම් ක්‍රම ලෙස හැඳින්වේ. ප්‍රසූතියෙන් පසු රෝහලින් නික්ම යෑමට මත්තෙන් එය ලබා ගැනීම සාර්ථක බව වෛද්‍ය මතය වේ.

    විශේෂයෙන් ලංකාවේ මාතෘ මරණ වලින් වැඩි ප්‍රමාණයක් හෘද රෝග සම්බන්ධ මව්වරුන් මිය යෑම තුළින් සිදුවන අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා පවුල් සැලසුම් ක්‍රම සබුද්ධිකව භාවිතා කරන ආකාරය ගැන පැහැදිලි කිරීම සිදුවිය.

    ශ්‍රී ලංකාවේ පවුල් සැලසුම් ක්‍රම වැඩි වශයෙන් භාවිතා කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කය 74% වන අතර අඩුම භාවිතා කරන්නේ මන්නාරම දිස්ත්‍රික්කය 18.4 % බව අනාවරණය වී ඇත.

     මෙම අවස්ථාවට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහත, පවුල් සෞඛ්‍ය කාර්යාංශය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ම සිල්වා මහත්මිය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අතුල කලුආරච්චි මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුබංගි හේරත් මහත්මිය, එක්සත් රාජධානියෙන් ශාන්ත ජෝර්ජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සබාරත්නම් මහතා ඇතුළු සම්පත්දායකයින් රැසක් මීට එක් එක්වූහ.

      -සකුන්තලා ජයවර්ධන

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya