මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුණ වැඩි කරන ලෙඩ අඩු කරන සෞඛ්‍යාරක්ෂිත පළතුරු

    සැප්තැම්බර් 22, 2019

    ගුණ වැඩි කරන ලෙඩ අඩු කරන සෞඛ්‍යාරක්ෂිත පළතුරු

    වැඩියෙන් එළවළු හා පළතුරු අනුභව කරන්න මෙය බොහෝ විට ලෝකයේ වඩාත් පොදු සෞඛ්‍ය නිර්දේශයයි. සෞඛ්‍ය සම්මපන්න අහර වේලක වැදගත් අංගයක් වන්නේ පළතුරු වේ. සම්පූර්ණ ආහාරයක් වශයෙන් සැළකෙන පළතුරු සහිත ආහාර වේලක් ලබා ගැනීම මඟින් බොහෝ රෝග ඇතිවීමේ අවදානම අඩුවීම ඇතුළුව සියලු ආකාරයේ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලැබීමට හේතු කාරක වන්නකි.

    එහි දී  දියවැඩියාව වැනි නිදන්ගත රෝග වැළඳීමේ හැකියාව, ඇතැම් පිළිකා තත්ත්වයන්  ඇතිවීමේ අවදානම අවම කරගැනීමේ හැකියාවක් සෞඛ්‍යාරක්ෂිත ව ඉදි වූ පළතුරු ආහාරයට ගැනීමෙන් ලැබේ. බොහෝ පලතුරු වල ස්වභාවිකව මේදය, සෝඩියම්, සහ කැලරි ප්‍රමාණය ඉතාමත්ම අඩු වේ. . එමන්ම, පොටෑසියම්, විටමින් සී, හා ෆෝලික් අම්ලය ඇතුළු අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියකින් සමන්විත වන පළතුරුවලින් ලබා ගන්නා ආහාරමය තන්තු සමස්ථ සෞඛ්‍ය සම්පන්න අහාර වේලක කොටසක් ලෙසින් රුධිරයේ කොලේස්ට්‍රෝල් මට්ටම අඩුකිරිමට උපකාරී වන අතර හෘදයාබාධඇතිවීමේ අවදානම ද අඩු කරනු ලබයි. මළබද්ධය සහ ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම ද නිරන්තර සෞඛ්‍යාරක්ෂිත පළතුරු භාවිතය තුළින් අවම කරගත හැකි බව විද්‍යාත්මක ව ද තහවුරු කර ඇත.

    මේ අනුව බලන කල්හි වර්තමාන ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිත පළතුරු භාවිතා කිරීම තුලින් දිනෙන් දින වර්ධනය වන බොහෝ රෝගාබාධ ඇතිවීම වළක්වා ගැනීම සඳහා පිළියමක් වනු ඇත. වත්මන් ලංකික ප්‍රජාවගේ අවිධිමත් පරිභෝජන රටාව හේතුවෙන් බොහෝ සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇත. එමෙන්ම වෙළඳපලේ මිල දී ගන්නට ඇති බොහෝ පළතුරු ගුණාත්මක මෙන්ම සෞඛ්‍යාරක්ෂිත ද යන්න පැන නඟින තවත් එක්තරා අන්දමක ගැටළුවකි.

    පළතුරු සහ එළවළු ප්‍රවාහනයේ දී සිදුවන අක්‍රමිකතාවයන් මත ගුණාත්මකභාවයේ අඩුවීම් සිදු විය හැකිය. බොහෝ කූට ව්‍යාපාරිකයින් ලාභ අරමුඉනු කරගනිමන් සිදු කරන අනිසි ක්‍රියාමාර්ග හේතුවෙන් වස විසෙන් තොර පළතුරු සොයාගැනීමේ දුෂ්කරතාවයකට පර්භෝගිකයා මුහුණ දී ඇත. එළවලු සඳහා ද මෙය බල පැවැත්වේ. නිසි ප්‍රමිතියකින් තොර වූ ගෝනි සහ පෙට්ටිවල බහා ලූ පළතුරු දිවයින පුරා ප්‍රවාහනය, බොහෝ පළතුරු වලට විවිධ රසායනික ද්‍රව්‍ය එන්නත්කරණය, හොඳින් නොපැසුණු පළතුරු වලට විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීම වැනි කරුණු හේතුවෙන් එළවළු හා පළතුරු වල ගුණාත්මකබව සහ සෞඛ්‍යාරක්ෂිතබවේ ගැටළු පැනනඟී. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළු සහ පළතුරු ඵලදාවෙන් සියයට 30 - 40 ත් අතර අගයක ප්‍රමාණයක් හානියට පත්වන බව ද සොයාගෙන ඇත. එමෙන්ම ආනයනික පළතුරු වල ගුණාත්මකභාවයේ යම්කිසි ගැටළු කාරී තත්ත්වයක් ඇති බව පෙනීයන තවත් කරුණකි. මක්නිසා ද යත්, මෙරටට පළතුරු ආනයනය කිරීමේ දී යම් කිසි කාලයක් ගත වන බැවින් පළතුරු නරක වීම වළක්වා ගැනීම සඳහා කිසියම් රසායනික ද්‍රවයක් අලේප කිරීම හෝ එන්නත් කිරීම සිදු කරනු ලබයි. එමඟින් පළතුරු කල් ඉකුත් වීම වලක්වන අතර බොහෝ කාලයක් නරක නොවී තිබීමට හේතුකාරක වෙයි. මෙවැනි එන්නත්කරණයට ලක් වූ  පළතුරු භාවිතය මඟින් බොහෝ රෝග කාරක ඇතැම් පිළිකා තත්ත්වයන් ඇති වීමේ හැකියාව ඉතා ඉහළ අගයක් ගන්නා බව ද විද්‍යාත්මක ව සනාථ කෙරෙන සත්‍යයකි.

    බොහෝ පළතුරු ශ්‍රී ලංකාවේ වැවිය හැකි මෙන්ම සෞඛ්‍යරක්ෂිත ව ඉදි කළ හැකිය. ලංකාවට අවේණික වූ පළතුරු සුලභව දක්නට ලැබේ. ඒ අතුරින් වෙරළු, ලාවුළු, උගුරැස්ස, මොර, ලොවි ආදී වූ ගුණ දෙන පළතුරු බොහෝ වේ. කෘතිමව ඉදීමට ලක් වූ පළතුරු දරුවන්ට ලබදෙමට වැඩ මෙවැනි ස්වභාවිකව ලැබෙන්නා වූ පළතුරු සහ කාබනිකව සැකසූ පළතුරු භාවිතයට හුරුවීම ඉහත කී බොහෝ සෞඛ්‍ය ගැටළු වළක්වා ගැනීමට කදිම පියවරකි. නිරෝගී දිවියක් උදෙසා සෞඛ්‍යරක්ෂිත ව ඉදි වූ පළතුරු පරිභෝජනයට හුරුවීම මඟින් හෙට ලොව භාර ගැනීමට සිටින අනාගත පරපුර ශක්තිමත් කිරීම වඩා වැදගත් වන්නේය.

    කසුන්මලී ජයසේකර

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya