අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    71 වැනි ජාතික දින සැමරුම් මහෝත්සවය අභිමානවත් ලෙස මෙවරත්

    ජනවාරි 23, 2019

    ජාතික දින 71 වැනි සැමරුම් මහෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී එළඹෙන 04 වන දින උදෑසන අභිමානවත් ලෙස සැමරීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

    විශේෂ ආරාධිත අමුත්තා
    ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ්  මහතා සහ එම මැතිනිය සහභාගි වෙති. හිරු නොබසින අධිරාජ්‍යයේ කිරීටයෙන් මිදී නිදහස්, නිවහල් ජාතියක් ලෙස ලොව හමුවට පැමිණි අප මාතෘභූමියේ අතීත, වර්තමාන හා අනාගත ගමන්මඟ කදිමට පෙන්නුම් කරන 71වන ජාතික දින සැමැරුම් මහෝත්සව ඉතිහාසයට එක්වන්නේ සංහිදියාව, සංවර්ධනය සහ ප්‍රජාතන්තවාදය ජයගැනීමේ අභියෝගාත්මක වසරකදීය.

    නර්තන හා වාදන ශිල්පීන් 865 දෙනෙකු සහභාගිතවයෙන් සංස්කෘතික පෙළපාලියකින් ද, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකායේ ආචාර පෙලපාලියකින්ද උළෙල විචිත්‍රවත් වීමට නියමිතය.

    බෞද්ධ ආගමික වතාවත්
    2019.02.02 වැනි දින ප.ව. 09.30 සිට 2019.02.03 දින පෙ.ව. 04.45 දක්වා කොළඹ 07, නිදහස් මන්දිරයේ දී සර්ව රාත්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනය ද පසුදින පෙ.ව. 07.00 ට උදෑසන හීල් දානය කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පිළිගැන්වේ.

    හින්දු ආගමික වතාවත්
    2019.02.04 වැනි දින පෙ.ව.06.30 ට, කොළඹ 04, මාණික්ක පිල්ලෛයාර් කෝවිලේදී පැවැත්වෙන අතර ඉස්ලාම් ආගමික වතාවත් 2019.02.04 වැනි දින

    පෙ.ව. 06.00 ට අංක 50, ටොරින්ටන් ඇවනියු, කොළඹ 07, ජාවත්ත ජුම්මා මස්ජිදයේ දී පැවැත්වීමට කටයුතු කර ඇත.

    රෝමානු කතෝලික දේව මෙහෙය

    2019.02.04 වැනි දින පෙ.ව. 06.15ට කොළඹ 02, කොම්පඤ්ඤ වීදිය, ශුද්ධ වූ ජපමාල මාතා දේවස්ථානයේ දී‍

    ක්‍රිස්තියානි දේව මෙහෙය

    2019.02.04 වැනි දින පෙ.ව. 06.15 ට කොළඹ 06, මායා වීදියෙහි පිහිටි, ප්‍රෙස්බිටේරියන් දේවස්ථානයේ දී පැවැත්වේ.

    මහාමාන්‍ය ඩී.එස්.සේනානායක පිළිරුව අබියස පුෂ්පෝපහාර පිරිනැමීම 04 වැනි දින උදෑසන සිදු වෙයි.

    ජාතික කොඩිය එසවීම

    71 වැනි ජාතික දින සැමරුම වෙනුවෙන් 2019 පෙබරවාරි 01 වැනි දා සිට 07 වැනිදා දක්වා පුරා සතියක කාලයක් සෑම රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට සහ පෙබරවාරි 03 සහ 04 දිනවල දී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට කටයුතු කරන්න යැයි රජය දැනුම් දී තිබේ.

    එමෙන්ම පෙබරවාරි 01 වැනිදා සිට 07 වැනි දා දක්වා සතියක කාලයක් පුරා සෑම නිවසක ම, ව්‍යාපාරික ස්ථානයක ජාතික ධජය ඔසවන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා  සිටියි.

    71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි හැර අන් සියලු දිස්ත්‍රික්කයන් හි උත්සවාකාරයෙන් ජාතික දිනය සැමරීමටත් රටේ සියලු ජාතීන් හා ආගම් නියෝජනය වන පරිදි එම උත්සව සංවිධානය කිරීමටත් අවශ්‍ය උපදෙස් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වනවිටත් ලබා දී ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya