අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ඇරඹේ

    ජනවාරි 21, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම සහ උපදේශනය මත මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ලද ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද (21) ආරම්භ විය. මෙය ජනවාරි 25 දක්වා ක්‍රියාත්මක ‍කෙරේ.

    දුම්වැටි, මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍යවලට පාසල් සිසුන් පෙළඹීම හා ඒවාට ඇදීයාම අවම කිරීමේ අරමුණින් ඇරඹී මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන කාර්ය වනුයේ ඔවුන්ට ඒවා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීම බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා පවසයි.

    මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ සිදුකෙරෙන ශිෂ්‍ය කේන්ද්‍රීය වැඩසටහන් සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමතරව ගුරුවරැන්, දෙමව්පියන්, ආදි සිසුන් හා පාසල් අවට ප්‍රජාවද සහභාගී කර ගැනේ.

    සතියේ පළමු දිනය වු අද (21) පන්ති කාමරය තුළදී සිසු දරැවන්ට මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීම් සිදුකළ අතර දෙවැනි දිනය වූ හෙට (22) දෙමාපියන් පාසලට කැඳවා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබාදෙනු ඇත. මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ නීතිමය වශයෙන් සිසුන් දැනුවත් කිරිම තෙවැනි දිනයේදී (23දා) සිදුකෙරේ. 24දා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් සිසුන් යොදාගෙන දේශපාලන අධිකාරිය දැනුවත් කොර්.

    මෙහි අවසන් දිනය වන 25වනදා විවිධ ජනමාධ්‍ය භාවිතා කරමින් පාසල තුළ හා ඉන් පිටතින් මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප්‍රචාරය කිරීම හා ජනමාධවේදින් දැනුවත් කිරීමටද කටයුතු යොදා ඇතැයි කිතලවආරච්චි මහතා පවසයි.

    මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ සිදුකෙරෙන වැඩසටහන් තුළදී මධ්‍යසාර, දුම්කොළ ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍යවල රසායනික බලපෑම හා ඒවායේ නීරස හා අප්‍රසන්න බව ළමුන්ට අවබෝධ කරවනු ඇත. එසේම මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ජනයා අතර අප්‍රසන්න තත්ත්වයට පත්වන බවත් මත්ද්‍රව්‍ය භාවිතයේදී ලිංගික බෙලහීනතා ඇතිවන බවත් මෙහිදී පාසල් සිසුන්ට අවබෝධ කරදෙන බවද වෛද්‍ය සමන්ත කිතලාව ආරච්චි මහතා සඳහන් කරයි.

    තවද මත්ද්‍රව්‍ය, දුම්කොළ හා අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා මෙරට ක්‍රියාත්මක වන නිතී රීති පිළිබඳවත් මෙම සතිය තුළදී සිසුන්ට අවබෝධයක් ලබාදෙන අතර මත්ද්‍රව්‍ය භාවිතය, ප්‍රවාහනය හා අළෙවිය ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබෙන බරපතල අපරාධ බව පැහැදිලි කරදෙනු ඇත.

    එසේම මත්ද්‍රව්‍ය, දුම්වැටි, මධ්‍යසාර නිශ්පාදකයන් විසින් ළමුන් ඉලක්ක කර ගැනීමට යොදන උපක්‍රම පිළිබඳවත්, ඔවුන්ට ඒ සඳහා සහාය දෙන කණ්ඩායම් පිළිබඳවත් පාසල් සිසුන් දැනුවත් කිරිමට මෙම සතිය තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීය.

    මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ගාස්තු රහිතව ඇමතුම් ගතහැකි 1984 දුරකථන අංකය මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර් ය සාධක බලකාය මගින් දැන් හදුන්වාදී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya