මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීල ලෝහිත සංග්‍රාමය අප්‍රේල් 30

    අප්‍රේල් 28, 2024

    කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර තෙවන වරටත් සංවිධානය කරනු ලබන නීල ලෝහිත එක් දින ක්‍රිකට් තරගය අප්‍රේල් 30 SSC ක්‍රිඩාංගනයේදී පැවැත් වේ.


    කොළම ආරක්ෂක සේවා විද්‍යාලය යනු ශ්‍රී ලංකා ත්‍රවිධ හමුදා හා පොලිස් සේවය යටතේ මෙරට ආරක්ෂව වෙනුවෙන් කැපවන ලද රණවිරුවන්ගේ දරුවන් වෙනුවෙන් 2007 වර්ෂයේදී ඉදිරිකරන ලද පාසලකි. මෙය වර්තමානයේදී මධුකා දෑසමන් ප්‍රනාන්ද ු විදුහල්පතිනියගේ මගපෙන්වීම යටතේ අධ්‍යාපනය හා ක්‍රීඩ අංශ දෙකෙන්ම දක්ෂතා දක්වමින් ඉදිරියට ගමන් කරන පාසලකි.

    2018 වර්ෂයේ ප්‍රථම වරට නීල -ලෝහිත සංග්‍රමාය පැවැත් වූ අතර ඒහදී කෞශල්‍ය විතානගේ විසින් ආරක්ෂක සේවා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවනු ලැබීය.
    එතැනින් ඇරඹෙි මෙම නීල ලෝහිත සංග්‍රාමය සඳහා මෙවර ආරක්ෂක සේවා විද්‍යාලයීය කණ්ඩායම කවීෂ ගිමිහානගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරනු ලැ‌බේ

    උපන්නෙකුට කළ නොහැක්කක් නොමැත" යන තේමා පාඨයට අනුව යමින් සමාරම්භයේ සිට පැහැදිලි මෙහෙයුම් දර්ශකයක් මත පදනම් වූ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය මේ වන විට ශ්‍රී ලාංකේය පාසල් පද්ධතියේ ස්වර්ණමය මුද්‍රාවක් බවට පත් ව ඇත.
    සමාන්තර පන්ති දාහතකින් සමන්විත මෙම විද්‍යාලය හිටපු අධ්‍යාපන අමාත්‍යවර බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ නේතෘත්වයෙන් තාක්ෂණවේදය විෂයධාරාවේ පුරෝගාමී පාසල ලෙස මෙන් ම, දකුණු ආසියාවේ ආදර්ශ ද්විතීක පාසල ලෙස, සංවර්ධනය කිරීමේ අපේක්ෂා පෙරදැරි ව 2011 ජනවාරි 20 වන දින ආරම්භ කරන ලදී. එදා මෙදා තුර බහුවිධ අභියෝගතා මධ්‍යයේ වුව ද සිය මෙහෙවරෙහි ප්‍රමුඛ අරමුණු සඵල කර ගනිමින් මහින්ද රාජපක්ෂ විද්‍යාලය දහතුන් වසරක් පුරාවට අඛණ්ඩ ප්‍රගති ගමනක නිරත වෙයි.

    හෝමාගම පිටිපන පිහිටි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ප්‍රථම විද්‍යාලයාධිපති ලෙස, එස්. එචි එන් ද සිල්වා මහතා ද,
    දෙවන විදුහල්පති ලෙස ආර් එම එම රත්නායක මහතාද , තෙවන විදුහල්පතිවරයා ලෙස එම් .ආර්. ඩී කසුන් ගුණරත්න මහතාගේ සහ ව ර්තමාන විද්‍යාලයාධිපතිත්වය හොබවන සරත් බන්ධු ගුණසේකර මහතාගේ මග පෙන්වීම යටතේ පාසල අත් පත් කර ගත් විවධ ජයග්‍රහණ අතුරෙන් ක්‍රීඩා ජයග්‍රහණ සුවිශේෂී වෙයි.

    පාපන්දු, වොලිබෝල් කරාතේ,චෙස්, බැට්මිටන් ආදී බොහෝ ක්‍රීඩා ආරම්භයේ සිටම පැවතගෙන එන අතර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නැංවීමට සමත්ව ඇත.
    'නීල ලෝහිත වාර් ෂික එක් දින ක්‍රිකට් තරගාවලිය' BIG MATCH සංකල්පයට ඉදිරියෙන් දරුවන්ට අත්දැකීම් රාශියක් පවරා දෙමින් පාසල තුළ ක්‍රියාත්මක තවත් එක් විශය බාහිර ක්‍රියාකාරකමකි.
    කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය සමගින් 2018 වර් ෂයේ ආරම්භක ප්‍රථම තරගය SSC ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. ලකුණු 111 කඩුලු 10 ටපිළිතුරු ලෙස ලකුණු 252 ට කඩුලු 3 ක පහසු ජයක් වාර් ථා කිරීමට මොවීන් දිලිප් සිසුවාගේ නායකත්වය යටතේ මහින්ද රාජපක්ෂ විද්‍යාලය සමත් විය.
    2019 වර් ෂයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති තරගයේ දී ලකුණු 195 කඩුලු 10 ටපි ළිතුරු ලෙස කවිඳු කවීශ සිසුවාගේ නායකත්වය යටතේ ලකුණු 259 කඩුලු7 ක පහසු ජයක් වාර් ථා කිරීමට මහින්ද රාජපක්ෂ විද්‍යාලය සමත් විය.
    ග්‍රේෂන් ප්‍රසාද් ක්‍රීඩා භාර ආචාර්යවරයා සංජය වීරසිංහ පුහුණුකරු සහ සුරංග සම්පත් විද්‍යාලයීය ක්‍රීඩා උපදේශක කණ්ඩායම මෙහෙයවන යෝධ හස්තයෝ වෙති.
    2024 අප්‍රේල් 30 වන දින කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය හා මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර තෙවන එක් දින ක්‍රිකට් තරගාවලිය SSC ක්‍රීඩාංගනයේ පැවැත්වෙයි.

    f618592c 723b 4b0f 8ccc e4bfde416458

     

    Screenshot 2024 04 28 220918

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya