මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා 'A' කණ්ඩායමට ලකුණු 8ක ජයක්

    අප්‍රේල් 29, 2024

    ශ්‍රී ලංකා 'A' සහ ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම් අතර ඊයේ (28) පැවැති පලමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා 'A' කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 8ක ජයක් ලබා ගැනීමට සමත් විය.



    තරඟ 5කින් යුත් මෙම එක්දින තරඟාවලිය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

    තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන 'A'කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා 'A' කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා 'A'කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 304ක් රැස් කිරීමට සමත් විය. නිශාන් මධුෂ්ක පන්දු 82කට මුහුණ දී හතරේ හතක් සමඟ ලකුණු 72ක් ද කමිල් මිෂාර පන්දු 56කදී හතරේ හතරක් සමඟ ලකුණු 48ක් ද සහ දුෂාන් හේමන්ත ලකුණු 20ක් රැස් කළහ.

    ලකුණු 305ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය පන්දුවට පහර දෙමින් සිටියදී අයහපත් කාලගුණය හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 48ක් තුළදී ලකුණු 286ක් රැස් කළ යුතු වුවත් ඔවුන් හට පන්දුවාර 48ක් අවසානයේ රැස් කර ගත හැකි වූයේ කඩුලු හතක් දැවී ලකුණු 277ක් පමණි.

    ඒ අනුව පලමු එක්දින තරඟය 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා 'A'කණ්ඩායම සමත් වූ අතර තරඟ 5කින් යුත් එක්දින තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා 'A'කණ්ඩායම සමත් විය. තරඟාවලියේ දෙවන තරඟය හෙට(30) පැවැත්වීමට නියමිතයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya