ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඉතිරි කිරීමේ බැංකුව ස්ථාවරයි - ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ කටයුතු නවතා දැමීමෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට හෝ එහි තැන්පතුවලට කිසිදු බලපෑමක් නෑ- ඇමැති ශෙහාන් සේමසිංහ

    මැයි 15, 2024

    ජාතික ඉතිරි කිරීමේ බැංකුව ස්ථාවරව සිය මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතින බවත් දේපළ පවරා ගෙන අහෝසි කිරීම සිදු කරන්නේ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

    ඇතැම් පාර්ශව එය ජාතික ඉතිරි කිරීමේ බැංකුව අස්ථාවර වීමක් ලෙස වරදවා වටහා ගැනීමක් සිදු කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ මිස ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නොවන බවත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉතා සාර්ථකව සිය ගණුදෙනු කටයුතු පවත්වාගෙන යන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ මෙහෙයුම් කටයුතු මේ වන විට වසර කිහිපයක සිට නවතා දමා ඇති අතර එහි වත්කම් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත පවරා ගැනීම ආරම්භ කර තිබේ. ඒ අනුව දේපළ පවරා ගැනීම සහ සේවකයන් අන්තර්ග්‍රහණය කිරීමේ ක්‍රමවේදයන් සකස් කෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා පැවසුවේ. ඒ අතර විශ්‍රාම යාමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකු සේවකයන් සඳහා ගෙවීම් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණෙන් අදාළ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ බවයි සේමසිංහ මහතා කියා සිටියේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya