ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්වැසුම ප්‍රතිලාභ ලබමින් නොමිලේ දුන් සහල් ලබා නොගත් පිරිස සොයා හඳුනා ගැනීමට වාර්තාවක් කැඳවයි - මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    මැයි 15, 2024

    දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින එහෙත් රජය නොමිලේ සහල් ලබා ගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අදාල පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ.

    ඒ අනුව, මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් අදාළ වාර්තාව සකස් කරමින් පවතින අතර එම වාර්තාව ලබන සතිය වන විට අමාත්‍යවරයා වෙත ලැබීමට නියමිත බවත්, නොමිලේ සහල් ලබා දීම සිදු කළේ මෙරට වෙසෙන වඩාත් ම දිළිඳු පවුල් ඉලක්ක කරගෙන වන අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට එය අනිවාර්යයෙන් ම හිමි වන බවත් සේමසිංහ මහතා එහි දී පැවසීය.

    නමුත් අදාළ සහල් ලබා ගැනීම සඳහා එම ස්ථානවල යාමේ අවශ්‍යතාව පවතින බැවින් කිසියම් පාර්ශ්වයක් වංචා සහගත ලෙස අස්වැසුම ලබා ගන්නේ නම් සිය අනන්‍යතාව හෙලිවේයැයි යන සැකය මත කිසිවකු එය ලබා ගැනීමට ඉදිරිපත් නොවූවේ නම් එය හඳුනා ගැනීම සඳහා මෙම වාර්තාව පහසුවක් වනු ඇති බවයත් අමාත්‍යවරයා එහි දී පැවසුවේය.

    අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (15) කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    වසර 30ක් පමණ පැරැණි සමාජ සුබ සාධන ක්‍රමවේදයකින් නව ක්‍රමවේදයකට වෙනස් වන අවස්ථාවක තවමත් පැරැණි ක්‍රම අනුව කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ ලොව පිළිගත් නව ක්‍රමවේදයන් ඔස්සේ ඉදිරියට යාම අත්‍යාවශ්‍ය බවයි. එය සුබ සාධන ක්‍රියාවලිය පමණක් නොව ආර්ථික ක්‍රියාවලියට  ද පොදු කරුණක් බව පෙන්වා දුන් සේමසිංහ මහතා කියා සිටියේ මෙය ශ්‍රී ලංකාව දශක දෙකකට පමණ පෙර ක්‍රියාත්මක කළ යුතුව තිබූ ක්‍රමවේදයක් බවයි.

    මේ අතර අස්වැසුම දෙවැනි අදියර ආරම්භ කිරීම සඳහා දැනට අයදුම්පත් 450,404ක් ලැබී ඇති අතර ඉන් 84% හෙවත් 377,485ක් පද්ධතියට ඇතුළත් කර ඇති බව මෙහි දී අනාවරණ විය. සේමසිංහ මහතා සඳහන් කළේ අලුතෙන් බඳවා ගත් ග්‍රාම නිලධාරීන් 2,000 මෙම කටයුත්ත වෙනුවෙන් උපරිමයෙන් දායක කර ගන්නා බවයි.

    එසේ ම අස්වැසුම සංගණන කටයුතු සඳහා දායක වන වෙනත් පාර්ශ්වයන් වෙත ද දීමනා ලබා දීමට පියවර ගන්නා බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ද කඩිනමින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya