ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය කළමනාකරණ සහකාර විභාගයේ අවම ලකුණු ගත් පිරිසට, උසස්වීම් ලබාගැනීම සදහා සාධාරණ වැඩපිළිවෙලක් සකස් කිීමට උපදෙස්

    මැයි 15, 2024

    රාජ්‍ය කළමනාකරණ සහකාර විභාගයේ අවම ලකුණු ගත් පිරිසට, උසස්වීම් ලබාගැනීම සදහා සාධාරණ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස්  ලබා දුන්නේය. පසුපසුගියදා (13) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම දැනුම්දීම සිදුකෙරිණි.

     

    රාජ්‍ය කළමනාකාර සහකාර පුරප්පාඩු සදහා බඳවා ගැනීම් තරඟ විභාග‍ය සදහා අවම ලකුණු මට්ටම් 40%ක් ලෙස දක්වා තිබියදී, ලකුණු 40 ට වඩා ලබාගෙන තිබියදීත්, ප්‍රශ්න පත්‍ර ද්විත්වයටම අවම ලකුණු 100ක් ලබා ගත යුතු බවට විධිවිධානයක් සැලසීමෙන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවන බව මෙහිදී  රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා තවදුරටත් පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මෙම තීරණයන් නිසා දැනට රාජ්‍ය සේවයේ වසර ගණනාවක් සේවයේ නියුතු සුදුසුකම් සපිරූ උපාධිධාරීන්ට පවා කළමනාකාර සහකාර තනතුරු සදහා උසස්වීමට නොහැකි වී ඇති බව මෙහිදී සාකච්ඡා විය. මේ අනුව අදාළ තරග විභාගය සමත් රාජ්‍ය සේවයේ දීර්ඝ කාලීන සේවයේ නියුතු අයවලුන්ට කළමනාකාර සහකාර තනතුරු ලබා ගැනීමේ සාධාරණ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත් විණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya