ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ සංවර්ධන සැළසුම් පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    මැයි 15, 2024

    මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැළසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේක්ෂා රෝහලේ දී අද (15) පෙරවරුවේ පැවැත්විනි.

    අක්කර 10 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති රෝහලේ දැනට ක්‍රියාත්මක මෙන්ම අවසන් අදියරේ පවතින සංවර්ධන ව්‍යාපෘති සහ 2030 දක්වා වු කාලය තුල ක්‍රියාත්ම කිරිමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති කඩිනම්ව සහ ක්‍රමවත්ව සිදු කිරීම පිළිබදව අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන්නට විය.

    මෙහිදී ඉංජිනේරු කාර්යන් පිළිබද මධ්‍යම උපදේශණ කාර්යාංශයේ (CECB) (විශේෂ ව්‍යාපෘති) බලයලත් වාස්තු විද්‍යාඥ එච්.ඩබ්.පී චන්ද්‍රසිරි මහතා විසින් රෝහලේ යෝජිත ඉදිරි සංවර්ධන කටයුතු සිදු කෙරෙන ආකාරය, එම සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී පැන නැගී ඇති ගැටළු හා එම ගැටළු නිරාකරණය සදහා ගන්නා ලද ක්‍රමවේදයන් පිළිබදව  සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුලු නිලධාරින් දැනුවත් කරන ලදි. එමෙන්ම රුහුණු කතරගම දේවාලයේ අරමුදලින් ඇඳන් 500 ක පමණ දාරිතාවයකින් යුතුව ඉදිකිරීමට අදහස් කරනු ලබන වාට්ටු සංකීර්ණය පිළිබදව ද එම වාට්ටු සංකීර්ණය ඉදිකිරීමෙන් පසු ප්‍රශස්ත හා ගුණාත්මක  ප්‍රතිකාර සේවාවන් ජනතාවට ලබාදීමට හැකියාව ලැබෙන බවට ද නිලධාරින් දැනුවත් කරන ලදි.

    එමෙන්ම කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් 2023.09.21 දින ඉදිකිරිම් ආරම්භ කළ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු මෙම වසරේ ජුලි මස අවසන් කිරීමට හැකියාව ලැබෙන බව ද මෙහිදී පෙන්වා දෙන ලදි. මෙම ගොඩනැගිල්ල සදහා ඇස්තමේන්තු පිරිවැය රුපියල් මිලියන 150 ක් වන අතර, ව්‍යාපෘතිය සදහා මාස 08 ක කාලයක් වෙන් කර තිබුනි. ව්‍යාපෘති කළමණාකරණය සහ ඉදිකිරිම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබයි.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු නිරීක්ෂණය කළ අතර, මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවාව සදහා විශාල මුදලක් වෙන් කෙරුණ ද මහරගම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදල් යොදවමින් සිදු කරන සංවර්ධන වැඩසටහන් සහ පරිත්‍යාගයන් ඇගයීමට ලක් කරන ලදි.  ඉදිරි සංවර්ධන කටයතු ක්‍රමවත් හා විධිමත් අයුරින් සිදු කිරීමට කටයුතු කරන ලෙසත් නිලධාරින්ට උපදෙස් ලබාදෙන දි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, අප්ක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය බුද්ධික කුලකුලසූරිය, රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර යන මහත්ම මහත්මින් සහ ඉංජිනේරු කාර්යන් පිළිබද මධ්‍යම උපදේශණ කාර්යාංශයේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya