ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගැනීමට කටයුතු කරන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක

    මැයි 15, 2024

    මේ දිනවල ඇති වන තරමක තද වැසි සමඟ සිදු වන අකුණු වලින් සිදු වන හානි වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මහජනතාවට උපදෙස් දෙයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අද (15) මේ බව ප්‍රකාශ කළේය.

    විද්‍යුත් උපාංග පෙනුවලින් ගලවා තැබීමටත්, තැනිතලා බිම් වල ගැවසීමෙන් වැලකි සිටින ලෙසත්, ඒ මහතා මහජනතාවට දැනුම්දෙයි.

    ඒ අනුව, ඉදිරි දිනවල දී (18 හා19) දිවයිනේ නිරිත දිග කොටසේ උදය වරුවේ වැසි තත්ත්වයක් නිර්මාණය වන බවත්, දැනට සවස් වරුවේ වසින වැසි තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් 18 හා 19 යන දිනවල දී ඇති විය හැකි බවත් හෙතෙම පැවසීය.

    ක්‍රමක්‍රමයෙන් පරිසරයේ උෂ්ණත්වයත් අඩු විය හැකි බවත්, ඉදිරියට ඇති වන්නේ නිරිත දිග මෝසම් කාලය හෙයින් මැයි මස අග සහ සැප්තැම්බර් මාසය පුරාවට පැවතිය හැකි බවත්, එවැනි තත්ත්වයක දී වුවත් වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya