නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභී පවුල් තිස් හතර ලක්ෂයකට සහල් බෙදා දුන්නා - දෙවන වටය මේ මස අගදී අරඹනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය

    මැයි 12, 2024

    හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 34 කට දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නොමිලේ සහල් කිලෝ දහය බැගින් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළෙහි පළමු වටය මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බවත් ලැයිස්තුවල පැවති විවිධ අඩුපාඩු හේතුවෙන් ඉතා සුළු සංඛ්‍යාවකට පමණක් තවදුරටත් එම බෙදාහැරීම් සිදුකිරීමට ඉතිරිව ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


    මෙහි දෙවන වටය මෙම මැයි මාසය අවසන් වීමට ප්‍රථමයෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya