නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස, ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා අද (26) පෙරවරුවේ මරදාන දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලයේදී නිල වශයෙන් සිය තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ (ප්‍රවාහන අංශයේ) අධ්යක්ෂ ජනරාල් (තාක්ෂණ) ලෙස සේවය කළ ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා, මීට ඉහත දී ද දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරයේ රාජකාරි කටයුතු කළ අයෙකි.
අද උදෑසන මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ සිය තනතුරෙහි රාජකාරි ආරම්භ කළ නව දුම්රිය සාමාන්‍යාධීකාරිවරයා පැමිණ සිටි පිරිස අමතමින්, නව රජයේ ප්‍රථිපත්ති අනුව යමින් දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට ප්රශස්ත සේවයක් සපයන ආයතන අතර ප්‍රමුඛස්ථානයට ගෙන ඒමට කටයුතු කරන බවත්, ඒ සඳහා සියලු දෙනාගේම කැපවීම සහ සහාය බලාපොරොත්තුවන බවත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ (ප්‍රවාහන අංශයේ) අතිරේක සාමාන්‍යාධිකාරි එල්. එච්. තිලකරත්න මහතා ප්රමුඛ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.