2026 අපොස උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද(24) සිට

2026 අපොස උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද(24) සිට
  • SocialShare:

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට අප්‍රේල් 24 දක්වා මාර්ගගතව සිදු කරන බව  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව, සියලුම අයදුම්කරුවන් doenets.lk official website හෝ onlineexams.gov.lk වෙත පිවිස නිවැරදිව මාර්ගගතව (Online) අයදුම්පත් යොමු කළ යුතුය.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම පාසලේ විදුහල්පති මගින් අයදුම් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින්ම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර මාර්ගගතව අයදුම්පත් යොමු කළ යුතු වේ.

විදුහල්පතිවරුන්ට ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතයෙන් පාසල් අයදුම්පත් යොමු කළ යුතු අතර, සියලු අයදුම්කරුවන් අයදුම් කිරීමෙන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවල ඉදිරිපත් කිරීම සඳහා සුරක්ෂිතව තබාගත යුතු බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් නියමිත කාලය තුළ අයදුම් කිරීම වැදගත් බව ද අවධාරණය කර ඇත.

වැඩිදුර තොරතුරු සඳහා 1911 ක්ෂණික දුරකථන අංකය හෝ 0112785922, 0112784537, 0112786616, 0112784208 යන දුරකථන අංක වෙත අමතන්න. එසේම This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනය මඟින්ද විමසීම් කළ හැක.