ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා සිය නිල X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීමට හැකි වීම සතුටට කරුණක් බවයි.
තරගාවලියේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) සහ ඒ සඳහා සහයෝගය ලබාදුන් සියලු පාර්ශ්වයන්ට ද ජනාධිපතිවරයා ස්තූතිය පළ කර තිබේ.
එමෙන්ම, 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අමතක කර නොමැති බවද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවිඩය මඟින් සඳහන් කර ඇත.


