දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Edirisinghe Edible Oil (Pvt) Ltd වෙතින් රුපියල් ලක්ෂ 25ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.
ඊට අදාළ චෙක්පත Edirisinghe Edible Oil (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ විනිතා ජයසිංහ මහත්මිය සහ අධ්‍යක්ෂ සුහාන් ජයසිංහ මහතා විසින් ඊයේ (18) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.


