ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (18) වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී පෝලිම් කළමනාකරණ පද්ධතියක් (Queue Management System) කඩිනමින් ස්ථාපිත කිරීමට, ප්‍රධාන පිවිසුම අසල භාෂා තුනෙන්ම යුත් නාම පුවරු කඩිනමින් ප්‍රදර්ශනය කිරීමට සහ 2026 අප්‍රේල් 30 වන විට නව මෝටර් රථ ප්‍රවාහන පද්ධතියක් (DMT System) අනිවාර්යයෙන්ම ස්ථාපිත කිරීම යන තීරණ වලට එළඹිණි.
පූර්ව දැනුම්දීමකින් පසුව, 2026 පෙබරවාරි 28 දින සිට පූර්ව වෙන්කරවා ගැනීම් (Appointment) රහිතව සේවාවන් ලබාදීම අත්හිටුවීමට ද, ස්වේච්ඡා සේවකයන් සඳහා අවශ්‍ය පහසුකම් සහ සම්පත් කඩිනමින් සම්පාදනය කිරීමටද එහිදී තීරණය විය.
දැනට ගොඩගැසී ඇති (Backlog) රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු වේගවත් කිරීමට මෙන්ම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ රියදුරු බලපත්‍ර ලබාගැනීමට අපහසු පුද්ගලයන් සඳහා වේරහැර කාර්යාලයේදී අවශ්‍ය පහසුකම් සැලසීම කෙරෙහිද අවධානය යොමු කළ අමාත්‍යවරයා
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ප්‍රථම කාලසීමාව වයස අවුරුදු 35 දක්වා දීර්ඝ කිරීමට අදාළ නීතිමය කටයුතු සම්පාදනය කිරීම සහ ඒ හරහා සිදුවිය හැකි ආදායම් විචලනයන් පිළිබඳ විශ්ලේෂණය කිරීම සම්බන්ධයෙන්ද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නියෝජිතයන්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


