Rebuilding Sri Lanka අරමුදලට සෙලාන් බැංකුව වෙතින් රුපියල් මිලියන 50ක මූල්‍යමය පරිත්‍යාගයක්

Rebuilding Sri Lanka අරමුදලට සෙලාන් බැංකුව වෙතින් රුපියල් මිලියන 50ක මූල්‍යමය පරිත්‍යාගයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට සෙලාන් බැංකුව විසින් රුපියල් මිලියන 50ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි රමේෂ් ජයසේකර මහතා විසින් ඊට අදාළ චෙක්පත ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.
සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රනිල් දිසානායක, ප්‍රධාන මූල්‍ය නිලධාරි ශානුක ජයරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.