රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල යටතේ බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා සම්බන්ධව සිටින සියලුම බස් හිමියන් සහ බැංකු නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (09) බදුල්ල ඌව පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී සියලුම බස් හිමියන්, බැංකු කාඩ්පත් මගින් ඩිජිටල් ගෙවීම්වල ඇති පහසුකම සහ එයින් ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු වූ අතර මාස කිහිපයක් තුළ ඌව පළාත් මගී ප්‍රවාහන අධිකාරිය තුළ ඇති සියලුම බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ඩිජිටල් පහසුකම සැලසීමට බස්රථ හිමියන් එකඟ විය.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ උපදේශක සුමුදු රත්නායක මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


