Rebuilding Sri Lanka අරමුදලට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

Rebuilding Sri Lanka අරමුදලට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව විසින් රුපියල් මිලියන 5ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති මහීල් කූරගම මහතා විසින් ඊට අදාළ චෙක්පත ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරි ඉන්දික තුෂාර අසුරමාන්න, ඒ. ඩබ්ලිව්. පෙරේරා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.