Rebuilding Sri Lanka වෙත ඉඩම් පරිත්‍යාග කෙරේ

Rebuilding Sri Lanka වෙත  ඉඩම් පරිත්‍යාග කෙරේ
  • SocialShare:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (13) පෙරවරුවේ පැවැති ‘Rebuilding Sri Lanka’ සමාරම්භක උත්සවයේදී චන්ද්‍රා කුසුමාවතී එවරිට්, ජී.රසංග ප්‍රගීන් ප්‍රනාන්දු, පී.නිමේෂා මධුමාදලී සිරිවර්ධන සහ ඩී.එම් සමන්ත සරත් ආනන්ද යන මහත්ම මහත්මීන් විසින් ඉඩම් පරිත්‍යාග සිදු කරනු ලැබීය.

ඒ අනුව

• සැවැන්දන, වදාකඩ පදිංචි චන්ද්‍රා කුසුමාවතී එවරිට් මහත්මිය විසින් කුරුණෑගල අලව්ව ප්‍රදේශයෙන් අක්කර 02 පර්. 29.5ක්ද
• වෑකඩ, පානදුර පදිංචි ජී.රසංග ප්‍රගීන් ප්‍රනාන්දු මහතා විසින් කළුතර, බණ්ඩාරගම ප්‍රදේශයෙන් පර්චස් 70ක් ද
• වැවගෙදර, කුරුණෑගල පදිංචි පී.නිමේෂා මධුමාදලී සිරිවර්ධන මහත්මිය වීසින් කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයෙන් පර්චස් 64ක්ද,
• ඕවත්ත, හිඟුල පදිංචි ඩී.එම් සමන්ත සරත් ආනන්ද මහතා විසින් කුරුණෑගල මාස්පොත ප්‍රදේශයෙන් පර්චස් 15ක්ද වශයෙන් පරිත්‍යාග කරන ලදී.