දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා People's Leasing & Finance PLC විසින් රුපියල් මිලියන 7.5ක මූල්‍යමය පරිත්‍යාගයක්ද, People’s Insurance PLC විසින් රුපියල් මිලියන 2.5ක මූල්‍යමය පරිත්‍යාගයක්ද සිදුකරන ලදී.
ඊට අදාළ චෙක්පත් People's Leasing & Finance PLC නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරි සංජීව බණ්ඩාරනායක මහතා සහ People’s Insurance PLC නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරි ජීවනී කාරියවසම් මහත්මිය විසින් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.
People's Leasing & Finance PLCහි සභාපති මහාචාර්ය අජන්ත කුමාර සමරකෝන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


