‘Rebuilding Sri Lanka’ අරමුදලට Maga Engineering (Pvt) Ltd වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට	Maga Engineering (Pvt) Ltd වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Maga Engineering (Pvt) Ltd විසින් රුපියල් මිලියන 25ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

ඊට අදාළ චෙක්පත Maga Engineering (Pvt) Ltdහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ එම්. පියදාස මහතා විසින් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

Maga Engineering (Pvt) Ltdහි අධ්‍යක්ෂ (Director Contract Administration) රොෂාන් මදරසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.